කුරුලු ලොව ආඩම්බරකාරයා - මොණරා Peacock - [VIDEO]

                    මොණරා අයත්වන්නේ සරණවි ගෝත්‍රයටය. එම ගෝත්‍රයට අයත් ප‍ක්‍ෂි කුල හතක් බොහෝ ප්‍රදේශවලින් දැකගත හැකිය. ‍මෙම කුල හතෙන් එකක් වන සැවුල් (Phasianidae) කුලයට මෙම පක්‍ෂියා අයත් වේ.මොහු සර්වභක්‍ෂක‍යෙකි.ශ්‍රි ලංකාවේ වෙසෙන මොනරුන්ගේ ප්‍රජනන සමය දෙසැම්බර් සිට මැයි මාසය දක්වා වු කාලයයි. පෙඳ පිහාටුත් වසරකට වරක් හැලෙන අතර ප්‍රජනන සමය එළඹෙන විට ඒවා නැවත වර්ධනය වේ.සෙබඩ බිත්තර දැමීම සඳහා ආරක්‍ෂාකාරී ලැහැබක් තෝරාගනී. ඉන් පසු ඇය විසින් තනාගත් වළක බිත්තර 3_5 ක් අතර ප්‍රමාණයක් දමයි. ඇතෑම් විට ඇය තම බිත්තර මත වියළි කොළ හා තණපත් අතුරා තිබෙන අවස්ථා ද ඇත. බිජුවක ප්‍රමාණය 69*55mm වේ. ලා දුඹුරු පැහැති බිත්තර ඔපවත්ය. බිත්තර මෝරා පැටවුන්ට එළියට ඒමට මසක පමණ කාලයක් ගතවේ. සෙබඩ ඇසුරේ පැටව් ඇති දැඩි වේ. සුන්දර පිල් කළඹ නිර්මාණය වීමට මොනර පැටවෙකුට වසර තුනක පමණ කාලයක් ගතවේ. මොනරාගේ සුන්දරත්වය රැඳී තිබෙන්නේ පිල් කළඹේය.වැඩුණු මොනර පිල් කළඹක් මීටර් දෙකක් පමණ වේ. සෙබඩ හා සසඳන විට මොනරා ඉතා සුන්සරය. අවානක හැඩයක් ඇති පිල් කළඹ 1_1.5 ක් පමණ දිගින් යුතුය. පිහාටු 100 කට ආසන්න ප්‍රමාණක් පිල් කළඹේ ඇත. පිහාටුවක මුදුනේ නිල් හා කොට ලෝකඩ වර්ණයෙන් යුත් දීප්තිමත් ප්‍රාගක්‍ෂිය (ocellus) බැගින් ඇත. මෙම ප්‍රාගක්‍ෂිය හෙවත් ඇස් මොනරුන්ට සමානකම් ඇති ඇතෑම් පක්‍ෂීන් තුළද දක්නට ලැබේ. 
                     මධ්‍යතන යුගයේදී, පක්ෂි විශේෂ රාශියක් මිනිසුන් විසින් අහාර ලෙස පරිභෝජනයට ගෙන ඇත, දුප්පත් ජනතාව කුකුලන් වැනි පොදු පක්ෂීන් ආහාරයට ගෙන ඇත. එසේ වුවත්, බොහෝ ධනවත් වරප්‍රසාද හිමි වූ ය සාමාන්‍යා ආහාර අඩු වශයෙන් ගෙන ඇති අතර ඔවුන් හංසයන් සහ මොණරුන් පවා ආහාර ලෙස ගෙන ඇත. රජ වරුන්ගේ රාජකීය බෝජන මෙසයන් මොණරුන් ආහාර ලෙස මෙන්ම අලංකාරවත් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසත් තබා තිබේ.
No comments :

No comments :

Post a Comment