Duriyan - දූරියන් - [VIDEO]

                  "පළතුරු ලොව රජු" ලෙසින් හඳුන්වන දූරියන් එහි විශාලත්වය, දැඩි කටු සහිත ලෙල්ල  හා එයටම ආවේණික සුවඳ  නිසා විශේෂත්වයක් උසුලයි. උද්භිද විද්‍යාත්මක නාමය- දූරියෝ සිබෙතියස් මරේ  ද (Duriozibethius Murray) කුලය- (Bombacaceae) ලෙසද හැදින්වේ. ශ්‍රී ලංකාවේ තවමත් බහුලව වාණිජ ලෙස වගා නොකලද තායිලන්තය, මලයාසියාව වැනි රටවල ඉතා ලාභදායී වාණිජ වගාවක් වශයෙන් වගා කරන පළතුරක් වේ. දූරියන් නාමය මැලේ භාෂාවෙන් කටුව හදුන්වන දූරි යන පදයට අන් (මැලේ භාෂාවේදි නාම පදයක් සෑදිමේදි යොද ගන්නා පදයකි ) යන පසු ඇඳිය එකතු විමෙන් සෑදි ඇත.

                    සාමාන්‍යයෙන් දූරියන් ගෙඩියක් බර ග්‍රෑම් 800 ක සිට කිලෝ ග්‍රෑම් 2.1 දක්වා වෙනස් වන අතර ඉන් 60% - 80% අතර බර ප්‍රමාණය ලෙලි බර වේ. බීජ බර ප්‍රමාණය 7% - 8% ක් අතර වේ. කෑමට ගනු ලබන බීජ රහිත මදුලු වල බර 9% - 25% අතර වෙනස් වේ. තායිලන්තය, මැලේසියාව වැනි රටවල දියුණුකර ඇති දූරියන් වර්ගවල මදුලු බර ප්‍රතිශතය 20% - 35% අතර දක්වා වේ. මදුලු ග්‍රෑම් 100 ශක්තිජනක අගය කිලෝ ජුල් 820 වේ. එබැවින් දූරියන් ඉතාම පෝෂ්‍යදායී ශක්තිජනක පළතුරකි. දූරියන් වලටම විශේෂිතවූ ගන්ධය එහි ඇති සල්ෆියිඩ, එස්ටර, තයෝඊතර හා නයෝල් වැනි රසායනික ද්‍රව්‍ය මඟින් ඇති වේ.


No comments :

No comments :

Post a Comment