Unbelievable Photos

Mouth Smell -මුඛ දුගද - [VIDEO]

යාලුවන්ව අන්දන්න මෙන්න නියම මැජික් එකක් - It's a great magic to fool your friends - [VIDEO]

කලුකුමන් අයත් වන්නේ Meleagridinae නම් කුලයට ය. Meleagris නම් ගණයට අයත් පක්‌ෂි විශේෂ දෙකක්‌ ස්‌වාභාවිකව වාසය කරති. ඒ Meleagris gallopavo හා Meleagris ocellata ය. මේ විශේෂ දෙකේ ම නිජබිම වන්නේ ඇමෙරිකානු මහාද්වීපයයි.

කලුකුම් පක්‌ෂීන් - [VIDEO]

හොල්මන් යනු මනසින් මවා ගන්නා සිදුවීම් හෝ මනෝභ්‍රාන්තීන් බවට ඇතැම් විද්වතුන් තර්ක කරද්දී අධිමානසික විද්‍යා පර්යේෂකයන් හා ගවේෂකයන් සාක්ෂි ඇතිව තරයේම කියන්නේ මිනිස් සංවේදනයන්ට ගෝචර නොවන එබඳු අදෘශ්‍යමාන බලවේග ලෝකයේ සැරිසරන බවයි. මේ පිළිබදව එක එක මත සමාජය තුල පවතී.කෙසේ වෙතත් මෙහි සත්්‍ය අසත්්‍ය තාව තීරණය කිරීම ඔබ සතුයි.

Ghost - හොල්මන් - [VIDEO]

සුසිනිදු පැහැපත් මුහුණක් - [VIDEO]

Preschool Concert - [VIDEO]

මේ ඉන්නෙ කොට්ටෝරුවද ? කෑරලද ? - [VIDEO]

Tharu Rata - [VIDEO]

                  "පළතුරු ලොව රජු" ලෙසින් හඳුන්වන දූරියන් එහි විශාලත්වය, දැඩි කටු සහිත ලෙල්ල  හා එයටම ආවේණික සුවඳ  නිසා විශේෂත්වයක් උසුලයි. උද්භිද විද්‍යාත්මක නාමය- දූරියෝ සිබෙතියස් මරේ  ද (Duriozibethius Murray) කුලය- (Bombacaceae) ලෙසද හැදින්වේ. ශ්‍රී ලංකාවේ තවමත් බහුලව වාණිජ ලෙස වගා නොකලද තායිලන්තය, මලයාසියාව වැනි රටවල ඉතා ලාභදායී වාණිජ වගාවක් වශයෙන් වගා කරන පළතුරක් වේ. දූරියන් නාමය මැලේ භාෂාවෙන් කටුව හදුන්වන දූරි යන පදයට අන් (මැලේ භාෂාවේදි නාම පදයක් සෑදිමේදි යොද ගන්නා පදයකි ) යන පසු ඇඳිය එකතු විමෙන් සෑදි ඇත.

                    සාමාන්‍යයෙන් දූරියන් ගෙඩියක් බර ග්‍රෑම් 800 ක සිට කිලෝ ග්‍රෑම් 2.1 දක්වා වෙනස් වන අතර ඉන් 60% - 80% අතර බර ප්‍රමාණය ලෙලි බර වේ. බීජ බර ප්‍රමාණය 7% - 8% ක් අතර වේ. කෑමට ගනු ලබන බීජ රහිත මදුලු වල බර 9% - 25% අතර වෙනස් වේ. තායිලන්තය, මැලේසියාව වැනි රටවල දියුණුකර ඇති දූරියන් වර්ගවල මදුලු බර ප්‍රතිශතය 20% - 35% අතර දක්වා වේ. මදුලු ග්‍රෑම් 100 ශක්තිජනක අගය කිලෝ ජුල් 820 වේ. එබැවින් දූරියන් ඉතාම පෝෂ්‍යදායී ශක්තිජනක පළතුරකි. දූරියන් වලටම විශේෂිතවූ ගන්ධය එහි ඇති සල්ෆියිඩ, එස්ටර, තයෝඊතර හා නයෝල් වැනි රසායනික ද්‍රව්‍ය මඟින් ඇති වේ.


Duriyan - දූරියන් - [VIDEO]

කොහොඹ - Khomba - [VIDEO]

                    මොණරා අයත්වන්නේ සරණවි ගෝත්‍රයටය. එම ගෝත්‍රයට අයත් ප‍ක්‍ෂි කුල හතක් බොහෝ ප්‍රදේශවලින් දැකගත හැකිය. ‍මෙම කුල හතෙන් එකක් වන සැවුල් (Phasianidae) කුලයට මෙම පක්‍ෂියා අයත් වේ.මොහු සර්වභක්‍ෂක‍යෙකි.ශ්‍රි ලංකාවේ වෙසෙන මොනරුන්ගේ ප්‍රජනන සමය දෙසැම්බර් සිට මැයි මාසය දක්වා වු කාලයයි. පෙඳ පිහාටුත් වසරකට වරක් හැලෙන අතර ප්‍රජනන සමය එළඹෙන විට ඒවා නැවත වර්ධනය වේ.සෙබඩ බිත්තර දැමීම සඳහා ආරක්‍ෂාකාරී ලැහැබක් තෝරාගනී. ඉන් පසු ඇය විසින් තනාගත් වළක බිත්තර 3_5 ක් අතර ප්‍රමාණයක් දමයි. ඇතෑම් විට ඇය තම බිත්තර මත වියළි කොළ හා තණපත් අතුරා තිබෙන අවස්ථා ද ඇත. බිජුවක ප්‍රමාණය 69*55mm වේ. ලා දුඹුරු පැහැති බිත්තර ඔපවත්ය. බිත්තර මෝරා පැටවුන්ට එළියට ඒමට මසක පමණ කාලයක් ගතවේ. සෙබඩ ඇසුරේ පැටව් ඇති දැඩි වේ. සුන්දර පිල් කළඹ නිර්මාණය වීමට මොනර පැටවෙකුට වසර තුනක පමණ කාලයක් ගතවේ. මොනරාගේ සුන්දරත්වය රැඳී තිබෙන්නේ පිල් කළඹේය.වැඩුණු මොනර පිල් කළඹක් මීටර් දෙකක් පමණ වේ. සෙබඩ හා සසඳන විට මොනරා ඉතා සුන්සරය. අවානක හැඩයක් ඇති පිල් කළඹ 1_1.5 ක් පමණ දිගින් යුතුය. පිහාටු 100 කට ආසන්න ප්‍රමාණක් පිල් කළඹේ ඇත. පිහාටුවක මුදුනේ නිල් හා කොට ලෝකඩ වර්ණයෙන් යුත් දීප්තිමත් ප්‍රාගක්‍ෂිය (ocellus) බැගින් ඇත. මෙම ප්‍රාගක්‍ෂිය හෙවත් ඇස් මොනරුන්ට සමානකම් ඇති ඇතෑම් පක්‍ෂීන් තුළද දක්නට ලැබේ. 
                     මධ්‍යතන යුගයේදී, පක්ෂි විශේෂ රාශියක් මිනිසුන් විසින් අහාර ලෙස පරිභෝජනයට ගෙන ඇත, දුප්පත් ජනතාව කුකුලන් වැනි පොදු පක්ෂීන් ආහාරයට ගෙන ඇත. එසේ වුවත්, බොහෝ ධනවත් වරප්‍රසාද හිමි වූ ය සාමාන්‍යා ආහාර අඩු වශයෙන් ගෙන ඇති අතර ඔවුන් හංසයන් සහ මොණරුන් පවා ආහාර ලෙස ගෙන ඇත. රජ වරුන්ගේ රාජකීය බෝජන මෙසයන් මොණරුන් ආහාර ලෙස මෙන්ම අලංකාරවත් ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙසත් තබා තිබේ.

කුරුලු ලොව ආඩම්බරකාරයා - මොණරා Peacock - [VIDEO]